MetaTrader 5 (MT5)
MetaTrader 5 භාවිතයෙන් ඔබගේ ප්‍රියතම ට්‍රේඩින් උපකරණවල CFDs ට්‍රේඩින් කරන්න. මුදල් ඒකක යුගල සහ අනෙකුත් මූල්‍ය උපකරණවල CFDs ට්‍රේඩින් කිරීම සඳහා වූ ප්‍රබල වේදිකාවක් වන MetaTrader 5, JustMarkets වෙතින් නොමිලේ ඩවුන්ලෝඩ් කළ හැක.

MetaTrader 5 ගැන
බහු වත්කම් වේදිකාව
MetaTrader වේදිකාවේ පස්වන පරම්පරාව වන MetaTrader 5, පෙර සංස්කරණයට වඩා වැඩිදියුණු කළ ක්‍රියාකාරීත්වය සහ විශේෂාංග ලබා දෙන අතර, ලොව පුරා ඔන්ලයින් විදේශ විනිමය සහ තැරැව්කරණ ට්‍රේඩස්ලා අතර ඉතා ජනප්‍රිය ට්‍රේඩින් වේදිකාවක් බවට වේගයෙන් පත්වී ඇත.

MetaTrader 5 හි වාසි
ට්‍රේඩින් සහ විශ්ලේෂණ මෙවලම්
MT5 මඟින් සංකීර්ණ ට්‍රේඩින් උපායමාර්ග සංවර්ධනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට තාක්ෂණික දර්ශක 80ක්, කාල පරාස 21ක් සහ විවිධ ප්‍රස්ථාර විකල්ප ලබා දේ.
ඇල්ගොරිතම මත පදනම් වූ ට්‍රේඩින්
MQL5 ක්‍රමලේඛන භාෂාව සහ විශේෂඥ උපදේශක(EA) භාවිතයෙන් ඇල්ගොරිතම මත පදනම් වූ ට්‍රේඩින්, ස්වයංක්‍රීය ට්‍රේඩින් උපායමාර්ග සංවර්ධනය කිරීම, පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා MT5 භාවිතා කළ හැක.
ඒකාබද්ධ ආර්ථික දින දර්ශනය
ආර්ථික දින දර්ශනය මඟින් වැදගත් ආර්ථික සිදුවීම් සහ නිවේදන පිළිබඳ තත්‍ය කාලීන අප්ඩේටට් තොරතුරු ලබා දේ. මෙම වේදිකාවට කාලෝචිත මූල්‍ය පුවත් සහ විශ්ලේෂණ ලබා දෙන නිව්ස් ෆීඩ් එකක් ද ඇතුළත් වේ.
ඇණවුම් කළමනාකරණය
MT5 වේදිකාව මඟින් උසස් ඇණවුම් කළමනාකරණ පහසුකම් (වෙළඳපොළ ඇණවුම්, අපේක්ෂිත ඇණවුම්, ස්ටෝප් ඇණවුම් සහ ට්‍රෝලින් ස්ටෝප් ඇණවුම්) සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රම මෙන්ම වෙළඳපොළ ගැඹුරින් විශ්ලේෂණය කිරීමේ පහසුකමද ලබා දේ.
MT5 මඟින් ඔබට ට්‍රේඩින් කළ හැකි දේවල්
| වත්කම් කාණ්ඩය | විස්තරය | උදාහරණ |
| ෆොරෙක්ස් | ප්‍රධාන මුදල් ඒකක යුගල, සුළු මුදල් ඒකක යුගල සහ විදේශීය මුදල් ඒකක යුගල ඇතුළුව මුදල් ඒකක යුගල 100කට වැඩි ප්‍රමාණයක් CFDs ට්‍රේඩින් කරන්න. | EURUSD, GBPUSD, USDJPY |
| භාණ්ඩ | ලෝහ සහ බලශක්ති වත්කම් යොදා ගෙන CFDs ට්‍රේඩින් කරන්න. විකල්ප ලෙස රන්, රිදී, ස්වාභාවික වායු සහ තෙල් ඇතුළත් වේ. | XAUUSD, XAGUSD, BRENT, XNGUSD |
| ස්ටොක් | තාක්ෂණය සහ පාරිභෝගික අභිමත වැනි විවිධ කර්මාන්තවලට අයත් විශාල කොටස් තේරීමකින් යුත් ස්ටෝක් CFDs ට්‍රේඩින් කිරීමට අවස්ථාව ලබා ගන්න. | AAPL, META, TSLA |
| දර්ශක | ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ජපානය සහ චීනය යන රටවල ප්‍රධාන කොටස් දර්ශක මත CFDs ට්‍රේඩින් කරන්න. | Dow Jones, S&P500, NASDAQ, DAX |
මොබයිල් ට්‍රේඩින් සහ MetaTrader 5
ට්‍රේඩින් ටර්මිනලය iOS සහ ඇන්රෝයිඩ් ස්මාර්ට්ෆෝන් සහ ටැබ්ලට් පරිගණකවල මොබයිල් ට්‍රේඩින් සඳහා ද නිර්මාණය කර ඇත. මොබයිල් අනුවාදය ට්‍රේඩින් ඇණවුම්, අන්තර්ක්‍රියාකාරී ප්‍රස්ථාර සහ ජනප්‍රිය විශ්ලේෂණ මෙවලම් ඇතුළු සියලුම ඒකාබද්ධ ට්‍රේඩින් මෙවලම් වලින් සමන්විත වන බැවින්, ට්‍රේඩස්ලාට තනි ක්ලික් කිරීමකින් මොබයිල් ට්‍රේඩින් සිදු කළ හැක.

JustMarkets සමඟ ට්‍රේඩින් කරන්නේ ඇයි
අඩු සහ ස්ථාවර ස්ප්‍රෙඩ්
0.0 පිප්ස් තරම් අඩු අගයකින් ආරම්භ වන අතිශය තද ස්ප්‍රෙඩ් සමඟ ස්ථාවර ට්‍රේඩින්, වෙළඳපල අස්ථාවරත්වය තුළ පවා ස්ථාවරත්වය සහතික කරයි.
ක්ෂණික මුදල් ආපසු ගැනීම්
ඔබට මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය වූ විට, එය ඉක්මනින් ලබා ගන්න. විවිධ ගෙවීම් ක්‍රම අතරින් තෝරාගෙන, ඔබගේ ඉල්ලීම් සඳහා ඉක්මන් අනුමැතිය ලබා ගන්න.¹
ඉක්මන් ක්‍රියාත්මක කිරීම
JustMarkets හිදී, ඔබගේ ගනුදෙනු ක්ෂණිකවම ක්‍රියාත්මක වේ. තත්පරයේ කොටස් කිහිපයක් ඇතුළත, ඔබගේ ට්‍රේඩින් ගනුදෙනු ක්‍රියාත්මක වන බව අපි සහතික කරනවා. එමඟින් ඵලදායී ලෙස ට්‍රේඩින් කිරීමට අවශ්‍ය වේගය ඔබට ලබා දේ.
