මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.
මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.

මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී.

IOS සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා JustMarkets ට්‍රේඩින් ඇප් එක
ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට ස්කෑන් කරන්න

ආර්ථික දින දර්ශනය

ආර්ථික දින දර්ශනයක් යනු කුමක්ද

ආර්ථික දින දර්ශනයක් යනු සියලුම වැදගත් ආර්ථික සිදුවීම් ලැයිස්තුගත කර ඇති මෙවලමකි. සමහර දින දර්ශනවල වැදගත් දර්ශක, සූචක සහ ශ්‍රේණිගත කිරීම් ද ඇතුළත් වේ.

JustMarkets ආර්ථික දින දර්ශනය මඟින් ලබා දෙන දේවල්:

  • ආර්ථික සිදුවීම් 1000කට වැඩි ප්‍රමාණයක්;
  • රටවල් 50කට වැඩි ප්‍රමාණයක් සඳහා ලයිව් තත්‍ය කාලීන අධීක්ෂණය;
  • සිදුවීමේ බලපෑම අනුව වර්ගීකරණය කිරීම;
  • ඔබගේ ස්ථානයට අනුව වෙනස් කළ හැකි කාල කලාප;
  • ඇන්රොයිඩ් සහ iOS ඇප්.

ලොව පුරා සිටින මිලියන ගණනක් මාධ්‍යවේදීන්ගේ සහාය ඇතිව අපි දින දර්ශනය නිතිපතා අප්ඩේට් කරනවා. දත්ත සතියේ දින 5 පුරා දිනකට පැය 24ම ලයිව් ලබා දේ. කුමක් සිදු වුවත්, ඔබට නවතම පුවත් සහ වඩාත් අදාළ දත්ත සෑමවිටම ලබා ගැනීමට හැකි බව අපි සහතික කරනවා.

ආර්ථික සිදුවීම් යනු මොනවාද

ආර්ථික සිදුවීම් යනු ෆොරෙක්ස් මිල ගණන්වලට බලපෑම් කළ හැකි පුවත් නිකුත් කිරීම්, වාර්තා ප්‍රකාශයට පත් කිරීම්, රජයේ නිලධාරීන්ගේ ප්‍රකාශ සහ අනෙකුත් මාධ්‍ය වාර්තා වේ.

ප්‍රධාන ආර්ථික සිදුවීම් සඳහා උදාහරණ කිහිපයක් මෙන්න:

  • GDP වාර්තා ප්‍රකාශන;
  • FOMC මිනිත්තු වාර්තා ප්‍රකාශන;
  • රැකියා අවස්ථා සහ ශ්‍රම පිරිවැටුම් සමීක්ෂණ අප්ඩේට් කිරීම;
  • ප්‍රධාන පොලී අනුපාතය සම්බන්ධයෙන් ECB සභාපතිවරයාගේ කථාව;
  • එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම.

මෙම සියලුම සිදුවීම් එකම මට්ටමේ බලපෑමක් ඇති නොකරයි. නමුත් ඒ සෑම සිදුවීමකටම ආර්ථික වැදගත්කමක් ඇති අතර, ඒවා වෙළඳපොළට බලපෑම් කර බයි අවුට් හෝ සෙල් ඔෆ් ඇති කිරීමට නිසැකවම හේතු විය හැක.

ට්‍රේඩස්ලාට ආර්ථික දින දර්ශනයක් අවශ්‍ය වන්නේ ඇයි

ආර්ථික විද්‍යාව යනු සැබෑ ලෝකයේ සිදුවීම්වලින් විශාල ලෙස බලපෑමට ලක්වන අධ්‍යයන ක්ෂේත්‍රයකි. ආර්ථික විද්‍යාවේ මූලධර්ම ප්‍රායෝගිකව භාවිතා කරන FX- ට්‍රේඩින් ඒ සඳහා හොඳම සාක්ෂියකි. එබැවින් ගණිතමය රටා සහ අනෙකුත් මිල ක්‍රියාකාරී පද්ධති බොහෝ අවස්ථාවල විශ්වාසදායක වුවද, සැබෑ ලෝකයේ විශාල සිදුවීමක් සිදු වූ විට ඒවා බොහෝ දුරට ප්‍රයෝජනයක් රහිත වේ.

ආර්ථික දින දර්ශන මඟින් වැඩිදුර විශ්ලේෂණය සඳහා දත්ත ලබා දෙන අතර, අනාගතයේදී ෆොරෙක්ස් වෙළඳපොළ ගමන් කරන දිශාව පුරෝකථනය කිරීමට උපකාරී වේ. ඒවා ප්‍රධාන වශයෙන් මූලික විශ්ලේෂණය අනුගමනය කරන ට්‍රේඩස්ලා විසින් භාවිතා කරනු ලැබේ. සමහර FX ට්‍රේඩින් ක්‍රමවේද, උදාහරණයක් ලෙස ස්කැල්පින්, වෙළඳපොළේ ඇති විය හැකි චලනයන් පුරෝකථනය කිරීමට සහ එම අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම සඳහා ට්‍රේඩින් කිරීමට ආර්ථික දින දර්ශන භාවිතා කිරීම මත පදනම් වී ඇත.

කෙසේ වෙතත්, ඔබ මූලික ආර්ථික විශ්ලේෂණය ප්‍රතික්ෂේප කර මිල ක්‍රියාකාරී ක්‍රමවේද අනුගමනය කළද, සැබෑ ලෝකයේ සිදුවීම් හේතුවෙන් වෙළඳපොළට බලපෑමක් ඇති විය හැකි අවස්ථා හඳුනා ගැනීමට ඔබට තවමත් ආර්ථික දින දර්ශනය භාවිතා කළ හැක.

ආර්ථික දින දර්ශනයක් භාවිතා කරන්නේ කෙසේද

JustMarkets ආර්ථික දින දර්ශනය මඟින් ට්‍රේඩින් කිරීමට අදාළ සියලුම සිදුවීම් කාලානුක්‍රමික අනුපිළිවෙළට ලැයිස්තුගත කරයි.

  • පළමු තීරුවේ එම සිදුවීම සිදුවන නිශ්චිත දිනය සහ වේලාව සඳහන් කර ඇත;
  • දෙවන තීරුවේ එම සිදුවීම ආරම්භ වීමට ඉතිරිව ඇති කාලය සඳහන් කර ඇත;
  • තෙවන තීරුවේ සිදුවීමේ නම මෙන්ම එය සිදුවන රටේ කොඩියද ඇතුළත් වේ;
  • සිව්වන තීරුවේ එම සිදුවීම වෙළඳපොළට ඇති කරන බලපෑම සහ එමඟින් ඇති විය හැකි මිල අස්ථාවරතාවය පිළිබඳ විස්තර කර ඇත;
  • පස්වන තීරුවේ එම සිදුවීම හේතුවෙන් මුදල් ඒකකයේ තත්ත්වයට ඇති විය හැකි පුරෝකථනය කළ වෙනස සඳහන් කර ඇත;
  • හයවන තීරුවේ අවශ්‍ය නම් පුරෝකථනය කළ ප්‍රකාශය සංශෝධනය කර ඇත;
  • හත්වන තීරුව පුරවනු ලබන්නේ එම සිදුවීම අවසන් වූ පසුව පමණක් වන අතර, එම සිදුවීම මුදල් ඒකකයට ඇති කළ සැබෑ බලපෑම එහි සඳහන් කර ඇත.

ඔබට එක් එක් සිදුවීම මත ක්ලික් කර එහි විස්තරය බැලීමට මෙන්ම, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු කියවිය හැකි ලින්ක් එකට පිවිසීමටද හැකි වේ.

සටහන. ඔබ ප්‍රධාන මුදල් ඒකක පමණක් ට්‍රේඩින් කරන්නේ නම් සහ ඔබගේම විශ්ලේෂණ සිදු කිරීමට අවශ්‍ය නොවේ නම්, අපගේ වෙළඳපොළ සමාලෝචන සහ දෛනික පුරෝකථන පරීක්ෂා කරන්න. ඒවා මඟින් වඩාත් වැදගත් සිදුවීම් ලැයිස්තුගත කරන අතර, එම සිදුවීම් වෙළඳපොළට නිශ්චිතවම බලපාන්නේ කෙසේද යන්නද පැහැදිලි කරයි.

අදාළ නොවන සිදුවීම් ෆිල්ටර් කරන්නේ කෙසේද

ඔබට අදාළ නොවන සිදුවීම් බොහොමයක් ඇති බව සිතේ නම්, කරදර වෙන්න එපා. ඔබට අවශ්‍ය නොවන සිදුවීම් ෆිල්ටර් කර ඉවත් කරන්න පුළුවන්. එසේ කිරීමට, “තවත්” බොත්තම මත ක්ලික් කර ෆිල්ටර් සැකසුම් සකස් කරන්න.
මෙහිදී ඔබට දැනට ට්‍රේඩ් නොකරන මුදල් ඒකක ඉවත් කළ හැකි අතර, ඔබට අවශ්‍ය තරම් මිල අස්ථාවරතාවයක් ඇති නොකරන අඩු බලපෑම් සහිත සිදුවීම්ද ඉවත් කළ හැක.